පෞද්ගලික බස් ධාවනය අද දිනයේ ඉතා අඩු මට්ටමක පවතින බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසා සිටිනවා.

ඒ අතුරින් බොහොමයක් කෙටි දුර ධාවන බස් රථ බවත් දුරගමන් සේවා බස් රථ ධාවනය වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් බවයි ඔහු සඳහන් කරන්නේ.

පොදු ප්‍රවාහනය සඳහා ඩීසල් ලබාදීමට රජය ප්‍රමුඛත්වයක් ලබා නොදෙන බවත් පවතින තත්ත්වය මත ඉදිරි දින කිහිපයේ බස් රථ ධාවනය තවදුරටත් අඩුවිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Share.
Leave A Reply

Exit mobile version