වර්තමානය වන විට පෞද්ගලික බස් රථ ධාවනය ඉතා බරපතළ ලෙස කඩා වැටීමකට පත්ව ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

කාලීනව හටගෙන ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.

රජය දැනුම් දී ඇති පරිදි පොදු ප්‍රවාහන සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අරමුණින් පෞද්ගලික බස් රථ සඳහාද ලංගම ඩිපෝ මගින් ඉන්ධන නිකුත් කරන ලෙස කියා තිබුනද, ප්‍රාදේශීය ඩිපෝ මඟින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ සීමා කිරීම සිදු කරන බවයි ගැමුණු විජේරත්න සඳහන් කරන්නේ.

Share.
Leave A Reply

Exit mobile version