ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් සංගම් කිහිපයක් බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබෙන බවට වාර්තා වනවා.
සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් සඳහන් කළේ QR කේත ක්‍රමයට ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි .
එසේම ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට සිදු කළ බස් ගාස්තු අඩු කිරීම බස් සංගම් සමඟ කිසිඳු සාකච්ඡාවකින් තොරව ප්‍රවාහන බලධාරීන් තම අභිමතය පරිදි ගන්නා ලද තීරණයක් බවත් එයටද විරෝධය පළ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.