පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන් බව කතානායකවරයා අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව එය සම්මත කරන්නේ නම්, අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා ජනමත විචාරණයකින් පසුව හෝ එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමෙන් පසුව සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවයි කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version