පොළොන්නරුව තඹාල ප්‍රදේශයේදී කුඹුක්කන් ඔය අසල සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය පියෙකු සහ දියණියක ඊයේ (07) දහවල් දියෙහි ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම පියා සහ දියණිය සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී ඔයට ඇදවැටී තිබෙන බවයි වාර්තා වන්නේ. ඔයට වැටුණු දෙදෙනා සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන් වී තිබෙනවා.

අතුරුදන් වූ දෙදෙනා සොයා පොලීසිය, ප්‍රදේශවාසීන් සහ පොලිස් ජීවිතාරක්ෂන නිලධාරීන්, නාවික හමුදා නිලධාරීන් හා ස්වේච්ඡා කිමිදුම්කරුවන් එක්වී මෙහෙයුමක් දියත් කර තිබුණා.

එහිදී දියේ ගිලුණු පියාගේ සහ දියණියගේ මෘතශරීර ඔවුන් ඔයට වැටී තිබූ ස්ථානයේ සිට කිලෝමීටර දෙකක පමණ දුරින් පරණගම ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇත.

එසේ මියගොස් ඇත්තේ, කාන්තාන්කුඩිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පියෙකු සහ 12 හැවිරිදි දියණියක්. සිද්ධිය සම්බන්ධයෙන් පුලස්තිපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පැවසෙන්නේ. (නෙත් නිව්ස්)

Share.
Leave A Reply

Exit mobile version