ලොව පා පන්දු රජු ලෙස විරුදාවලිය ලත් බ්‍රසීල ජාතික ප්ලේ (Pele) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය යන විට ඔහු 82 වන වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලෝක කුසලාන තුනක් දිනූ එකම ක්‍රීඩකයා වන ඔහු පිළිකා රෝගයකින් පීඩාවිඳිමින් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි සඳහන් වන්නේ.

පේලේගේ දායකත්වය යටතේ 1958, 1962 සහ 1970 දී බ්‍රසීලය ලෝක කුසලාන ශූරතා ත්‍රිත්වයක් ජයග්‍රහණය කළ අතර තරඟ 92 කදී ගෝල 77 ක් ලබාගත් ඔහු බ්‍රසීලයේ ප්‍රමුඛතම ගෝල ලාභියා ලෙස සැලකෙනවා.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version