පාසල් ළමුන් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා. ඒ අනුව මැයි 1 වැනිදා ඉන්ධන මිල පහළ දැමීමත් සමග මෙම තීරණය ගත් බවයි එම සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා සඳහන් කළේ.

ඉන්ධන මිල ඉහළ දැමූ අවස්ථාවේදී ගාස්තු ඉහළ දැමූ ආකාරයෙන්ම ඉන්ධන මිල පහත දමන අවස්ථාවේදීද යම් මුදලක් අඩු කරන ලෙස ඉල්ලා සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version