ලිබියාවේ ටොබ්රුක් නගරයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට විරෝධතාකරුවන් පිරිසක් ගිනි තබා තිබේ.

අඛණ්ඩ විදුලි කප්පාදුව සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පාලනයකින් තොරව ඉහළ යාම සහ දේශපාලන අර්බුදයට එරෙහිව පැවති විරෝධතාවයක් අතරතුර මෙම ගිනි තැබීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට ලිබියාවේ ට්‍රිපොලි අගනුවර ද විරෝධතා පැවැත්වෙන අතර වහාම මැතිවරණයක් පවත්වන ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටියි.

අන්තර්වාර එක්සත් රජයේ ප්‍රධානියා වන අබ්දුල් හමීඩ් ඩ්බෙයිබා මෙම විරෝධතාවලට සහය දක්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version