බැංකු නිෂ්කාශන හේතුවෙන් ගොඩබෑමේ ප්‍රමාදයක් සිදුවූ සුපර් ඩීසල් ගොඩබෑම මේ වන විට ආරම්භ කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අද රාත්‍රියේ පැමිණෙන ඔටෝ ඩීසල් නෞකාවේ ඉන්ධන ගොඩබෑම් කටයුතු හෙට ආරම්භ කෙරෙන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

සිදුවූ ප්‍රමාදය ම​ඟහරවා ගැනීම සඳහා ඛනිජ තෙල් සංස්ථා තොග ගබඩා පර්යන්තයේ බෙදා හැරීම් කටයුතු අද රාත්‍රියේදීත් ක්‍රියාත්මක බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

Share.
Leave A Reply

Exit mobile version