ශ්‍රීලංකන් ගුවන් සමාගම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු ආයතන කිහිපයක් එළඹෙන පාර්ලිමේන්තු සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ලබන 25 වනදා ‘අපනයන ණය රක්ෂණ සංස්ථාව’ කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර ලබන 26 වනදා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කැඳවා ඇති බවයි සඳහන් වන්නේ.

එසේම ශ්‍රීලංකන් ගුවන් සමාගම ලබන 27 වනදා කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර ලබන 28 වනදා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කැඳවා තිබෙනවා. වෘත්තීය පුහුණු අධිකාරිය මැයි මස 9 වනදා කාරක සභාව හමුවට කැඳවීමට නියමිත අතර 2023.03.23 වනදා පැවති කෝප් කමිටු රැස්වීමේදී ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මෙහිදී විමර්ශනය කිරීමට නියමිතයි.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version