වාහන අංක තහඩු සඳහා ඊයේ (01) සිට පළාත් අක්ෂරයක් නිකුත් නොකරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව රථවාහන ලියාපදිංචියේදී සහ පැවරීමේදී අංක තහඩුවේ පළාත් අක්ෂරය ඉවත්කරන බවයි එහි කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ සඳහන් කළේ.
එක් වාහනයක් පළාත් අතර අවස්ථා කිහිපයකදී විකුණන අවස්ථා ඇති බවත් එහිදී අංක තහඩුව අලුතින් මුද්‍රණය කළද රියදුරන් එය ලබා ගැනීමට නොපැමිණෙන බවත් ඒ අනුව මෙම වියදම ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.