අද (24) ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය නිමා වුණේ ශ්‍රී ලංකාවට වැඩි ගෞරව අත් කර දෙමින්.

තරඟයේ පළමු දිනය නිමා වන විට කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 315 ක් ලබා සිටිනවා.

නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 42 ක් හා සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කරන දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 6 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඕෂද ප්‍රනාන්දු ලකුණු 50 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 3ක්, දිමුත් කරුණාරත්න ලකුණු 40 ක්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 42 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 80 ක් ලබා ගැනීමට සමත් වුණා.

Share.
Leave A Reply

Exit mobile version