පළමු වරට තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කරන සංචාරක අයර්ලන්ත කණ්ඩායමට ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ දී ඉතා වෙහෙසකර දිනයක් උදා කර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සහ අංක 03 පිතිකරු කුසල් මෙන්ඩිස් දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 281 ක සම්බන්ධතාවක් වාර්තා කළහ.

ඒ මතින් ගොඩනැගුණු ශ්‍රී ලංකා ඉනිම ඊයේ (16 වැනිදා) දිනයට නිමා වූයේ පන්දු වාර 88 කදී කඩුලු 4ක් දැවී ලකුණු 386 ක් ලෙසිනි.

දිමුත් කරුණාරත්න ද්විත්ව ශතකයට ලකුණු 21ක් මෙපිටින් දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් ලකුණු 150ට ලකුණු 10ක් මෑතින් දැවී ගියේය.

දිවා ආහාරයට තරඟය නවතන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කට ලුකුනු 503 ක් ලබා සිටියේය. පිටියේ රැඳී සිටින දිනේෂ් චන්දිමාල් හා සදීර සමරවිච්ක්රම දෙදෙනාම අර්ධ ශතක ලබා ගෙන සිටිනවා. (දිවයින)

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version