පසුගියදා කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රීය වූ නොරොච්චෝල බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කොට මේ වන විට ජාතික පද්ධතියට එක්කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

2 වන ජනන යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුත්තක් මේ වන විට ක්‍රියාත්මක අතර එය මෙම මස මැදදී අවසන් කොට නැවත ජාතික පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මේ වන විට 1 වන සහ 3 වන ජනන යන්ත්‍රය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

Share.
Leave A Reply

Exit mobile version