බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස නියෝජ්‍ය පොලිස්පති ඩී.ජේ. පලිහක්කාර මහතා පත් කර ඇත.

අද සිට දින 14ක කාලයක් සඳහා ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිවාඩු නිමා කර නැවත රාජකාරියට පැමිණෙන තෙක් මෙම පත්කිරීම සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

Share.
Leave A Reply

Exit mobile version