ඉන්දියාවේ කල්කටා නුවරදී පැවැති 3 වැනි අන්තර්ජාතික රංගසේනා නාට්‍ය උළෙලේදී ශ්‍රී ලාංකේය තරුණ නාට්‍යවේදී දේවින්ද වික්‍රමසිංහ හට ‘රංග නාට්‍ය ශාස්ත්‍ර ‘ විශේෂ ගෞරව සම්මානය ද ඔහුගේ ‘‘මම අඩ කුඹයි‘ නාට්‍යයේ සිංහයාට රඟ පෑ ප්‍රදීප් රාමවික්‍රමට රංගනය වෙනුවෙන් විශේෂ සම්මානයක් ද හිමිවිය.
පසුගිය 2 වැනිදා සිට 6 වැනිදා දක්වා ඉන්දියාවේ කල්කටා නුවර පැවැති මෙම නාට්‍යය උළෙලට ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, පාකිස්තානය, ඉතාලිය ඇතුළු රටවල් කිහිපයක නාට්‍යවේදීන් නාට්‍ය ඉදිරිපත් කර තිබුණි.
දේවින්ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉදිරිපත් කළ ‘මම අඩ කුඹයි‘ නාට්‍යය එක් රංගන ශිල්පියකු පමණක් විනාඩි 30 ක කාලයක් රංගනයේ යෙදීම විශේෂත්වයකි. ශ්‍රී ලාංකීය ජාතික කොඩියේ සිටින සිංහයා, එයින් බැසමින් සිදුකරන පාපොච්චාරණයක් මෙම නාටකයට පාදකවී තිබේ.
කැලණිය විශ්වවිද්යායලයේ නාට්‍ය හා රංගකලාව පිළිබද බාහිර කථිකාචාර්යවරයකු වන දේවින්ගේ ‘මම අඩ කුඹයි‘ නාට්‍යයට 2015 වසරේ ජාතික යෞවන සම්මාන උළෙලේදී හොදම නාට්‍යය වූ අතර එය 2017 රජා්යි නාට්යය උළෙලේදී විශේෂ ඇගයීමට ද ලක්වුණි. මෙවර රංග සේනා අන්තර්ජාතික නාට්‍ය උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ පළමු ඒකපාත්‍ර නාටකය ද මෙය වෙයි. (ලංකාදීප)
Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.