දුම්රිය සාමාන්‍ය ගාස්තු 22 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ් අනුව ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය මේ වන විට ප්‍රකාශයට පත් කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධීකාරි ධම්මික ජයසුන්දර සඳහන් කළේ.

නව ගාස්තු සංශෝධනය අනුව රුපියල් 10ක්ව පැවැති අවම ගාස්තුව 20ක් දක්වා ඉහළ දමා තිබෙනවා. මෙම දුම්රිය සාමාන්‍ය ගාස්තුව බස් ගාස්තුවෙන් අඩකට සමාන ප්‍රමාණයකින් ඉහළ දමා ඇති බව පෙනේ.

Share.
Leave A Reply

Exit mobile version