බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණුපළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්විටින් විට අද දින (මැයි 06) වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන සුළං පැයට කිලෝ මීටර 40 ත් 50 ත් තද සුළං ලෙසට පත්විය හැකි බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

Share.
Leave A Reply

Exit mobile version