දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගාල්ල සිට මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං වයඹ හෝ නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර 20-40 පමණ වනවා.

Share.
Leave A Reply

Exit mobile version