දකුණු අප්‍රිකාවේ පතලක් තුළ සිරවීමෙන් මියගිය කම්කරුවන් සංඛ්‍යාව 100 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ මියගොස් ඇති පිරිස නීතිවිරෝධී පතල් කම්කරුවන් බවය.

දකුණු අප්‍රිකාවේ අතහැර දැමූ රන් පතලක කැනීම් කරමින් සිටි කම්කරුවන් පිරිසක් මෙම අනතුරට ලක්ව තිබේ.

මොවුන් දින ගණනක් පතල තුළ සිරවී සිට ඇති අතර කුසගින්න සහ විජලනය හේතුවෙන් ඔවුන් මියගොස් ඇති බවට සැකපළ කරයි.

පතලේ සිරවී සිටි කම්කරුවන් කිහිපදෙනෙකු බේරාගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Share.
Leave A Reply

Exit mobile version