තොටළඟ – කජීමාවත්තේ ප්‍රදේශයේ නිවාස පෙළක හටගත් ගින්නෙන් නිවාස 80ක් පමණ විනාශ වී ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (27) රාත්‍රී හටගත් මෙම ගින්න ගිනි නිවන ඒකකය, පොලිසිය හා යුද හමුදාව එක්ව පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.

ගින්නෙන් ජීවිත හානි හෝ තුවාල සිදුවීම් කිසිවක් වාර්තා වී නොමැති අතර පවුල් 80ක පුද්ගලයන් 220ක් අවතැන් වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version