ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස හිමාලි සුභාෂිනී ද සිල්වා අරුණතිලක පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලබා දී තිබෙනවා.

එසේම ප්‍රංශයේ නව ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සහ යුනෙස්කෝ සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිතවරිය ලෙස නිරෝෂනී මනීෂා ඩයස් අබේවික්‍රම ගුණසේකර පත් කිරීම සඳහා අනුමැතිය ලැබුණු බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සඳහන් කළේ.

ජර්මනියේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස ලංකා වරුණි මුතුකුමාරණ, ජෝර්දානයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස ප්‍රියංගිකා විජේගුණසේකර හා වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ලෙස සජීව උමංග මෙන්ඩිස් පත් කිරිමටත් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලබාදී තිබෙනවා.

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.

Share.
Leave A Reply

Exit mobile version