තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් වෙත මුදල් තැන්පත් කිරීමට පැමිණි ව්‍යාපාරිකයකුගේ අත තිබූ රුපියල් ලක්ෂ 223ක මුදලක් ආයුධ සන්නද්ධව යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පැහැරගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා මුදල් මංකොල්ලකා පලා යන අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන්කළ තඹුත්තේගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් නිලධාරියෙක් ආයුධ සන්නද්ධ සැකකරුවන් මෙල්ල කර අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ 223ක මුදලද පොලිස් භාරයට ගැනීමට එම අවස්ථාවේදීම කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මෙම මෙලෙස මුදල් තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙන්නේ තඹුත්තේගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් බුද්ධික කුමාර නම් නිලධාරියෙක්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 48 හා 50 වයස්වල පසුවන තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන් භාරයේ තිබී මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, බෝර 12 පතරොම් 01ක්, මන්නා පිහියක්, අත්වැසුම්, ජංගම දුරකථනයක් සහ යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version