පවතින අයහපත් කාලගුණයත් සමග ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් සිදුවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ඩෙංගු ව්‍යාප්තියේ අවදානමක් දක්නට ලැබෙන බවයි එහි ප්‍රජා වෛද්‍ය නිලධාරී, වෛද්‍ය ඉන්දික වීරසිංහ සඳහන් කළේ.

ඉකුත් මාස 9 තුළ 60,000 ඉක්මවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් මෙරටින් වාර්තා වී ඇති අතර ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙන බවයි සඳහන් වන්නේ.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීම සදහා සිය පරිශ්‍ර පිරිසිදු කරන ලෙසයි වෛද්‍ය ඉන්දික වීරසිංහ වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

Share.
Leave A Reply

Exit mobile version