සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව වයස අවුරුදු 44ත් 28ත් අතර පසුවන පුද්ගලයින් සිව්දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධය සඳහා යොදාගත් පිහි 02ක් සහ ත්‍රිරෝද රථයක්ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත භාරදී ඇති බවයි සඳහන් වන්නේ.