විදුලිය ගාස්තු වැඩි කිරීමට සාපේක්ෂව ජල ගාස්තු ඉදිරියේදී අනිවාර්යෙන්ම වැඩි කිරීමට සිදුවනු ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ජල නිෂ්පාදන සහ බෙදාහැරීමේ කටයුතු සඳහා දරන පිරිවැයෙන් සියයට 35 ක් පමණ විදුලිය වෙනුවෙන් වැය වන බව එම මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

නව විදුලි ගාස්තු සංශෝධනය සමග මෙම පිරිවැය තවත් වැඩිවන බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තවමත් තීරණයක් ගෙන නැතැයි වාර්තා වේ.

දිවයින පුරා ජල පාරිභෝගිකයෝ ලක්ෂ 30කට ආසන්න පිරිසක් සිටිති. ඉන් සියයට අනූ දෙකක් ගෘහස්ථ ජල පාරිභෝගිකයෝ වෙති. ඉතිරි සියයට 8 ගෘහස්ථ නොවන පාරිභෝගිකයන්ය.

මේ අතර ජල බිල්පත් ගෙවීම පැහැර හැරීම විශාල වශයෙන් වැඩි වී ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. (ලංකාදීප)

Share.
Leave A Reply

Exit mobile version