කොළඹ ජාතික රෝහල, බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල සහ කාසල් වීදිය කාන්තා රෝහල ඇතුළු රෝහල් කීපයක රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් රුධිර පරීක්‍ෂණ කටයුතු රාශියක් ඇනහිට ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ තත්ත්වයන් හේතුවෙන් පෞද්ගලික රසායනාගාරවලින් රුධිරය පරීක්‍ෂා කර ගැනීමට රෝගීන්ට සිදුවීම නිසා ඔවුහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

අප මේ ගැන රෝහල් බලධාරීන්ගෙන් විමසූ විට කියා සිටියේ රුධිර පරීක්‍ෂණ කටයුතුවලට අවශ්‍ය රසායනික ද්‍රව්‍යවල යම් හිඟයක් පැවතුණ ද රෝහල් වැඩකටයුතු අඩාල වීමට ඉඩ නොදෙන බවය.

Share.
Leave A Reply

Exit mobile version