ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවතෙන සාකච්ඡා යහපත් වර්ධනයක් පෙන්නුම් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඒ අනුව මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ, එම සාකච්ඡාවල පළමු කඩයිම වන කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට කඩිනමින් එළැඹීමට හැකිවෙතැයි ඔහු බලාපොරොත්තු වන බවයි.

එම එකඟතාව ඇති වන විට පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා විශ්වසනීය වැඩසටහනක් ශ්‍රී ලංකාව සතු වන බවත් ඉදිරි වසර තුන හතරක කාලය තුළ ක්‍රියාත්මක කිරීමට වැදගත් මෙන්ම අහිතකර ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය සඳහා එහිදී එකඟවීමට සිදුවන බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version