වර්තමාන අර්බුදකාරී තත්ත්වය මඟහරවා ගැනීම සඳහා පරිණත නායකයෙකු ලෙස රටට සක්‍රීය දායකත්වයක් තව දුරටත් ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පොළොන්නරුවේ පිහිටි නිවසේදී සිදුවූ හමුවකදී මේ බව සඳහන් කර සිටියා.

නොබෝ දිනකට පෙර ඇතිවූ රුසියානු ගුවන්යානයේ අර්බුදය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් ද චීන තානාපතිවරයා ප්‍රසාදය පළකර තිබෙනවා.

Share.
Leave A Reply

Exit mobile version