ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ පුනර්ජීවන සැලසුම් පිළිබඳව චීනය ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කර තිබෙනවා.

ඒ අනුව එහි තානාපති සහ ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා අතර එම සාකච්ඡා පවත්වා ඇති බවයි මෙරට පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ චෙං චෙං ද එක්වී ඇති බවයි ඔවුන් නිකුත් කළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Share.
Leave A Reply

Exit mobile version