අද අලුයම ගාලුමුවදොර අරගල භූමියේදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් 9 දෙනාට කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් ඇප නියම කර තිබෙනවා.
ඒ අනුව නීතීඥ නුවන් බෝපගේ ඇතුළු 9 දෙනෙකු මෙලෙස ඇප මත මුදාහැර ඇති බවයි සඳහන් වන්නේ.
මෙම අත්අඩංගුවට පත්වූ පිරිස වෙනුවෙන් නීතීඥවරුන් විශාල පිරිසක් පෙනී සිටීම විශේෂත්වයක් වනවා.