හෙට (20) රාත්‍රී 11.00 සිට අනිද්දා (21) උදෑසන 9.00 දක්වා අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10 ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කොළඹ 05 සහ 06 ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.

මීට අමතරව එම කාලසීමාවේදී කොළඹ 04 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයෙන බවයි ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version