කොළඹ කොටුව බැස්ටියන් මාවත බස් ඩිපෝව අසලදී අද වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වනවා.

පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයේ වෙඩි තබා ඇති බවයි.

මේ අතර, වෙඩි තැබීමෙන් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වී තිබේ.

Share.
Leave A Reply

Exit mobile version