තලේබාන් පාලනයට නතු ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර හමුදා ගුවන් කඳවුරේ බෝම්බයක් පුපුරා යෑමෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 8 ක් බරපතල තුවාල ලැබූහ.
තලේබාන් රජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය නාෆී තක්කූර් කියා සිටියේ ප්‍රහාරයෙන් ගුවන්තොටුපොළට හානි සිදුවුණු බවය.
ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නැත. එසේ වුවත්, බෝම්බය පුපුරුවන්න ඇත්තේ ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක් අයි.එස්. ත්රස්තවාදීන් යැයි සැක කෙරේ. (රොයිටර්)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.
