මෙම වසරේ අගෝස්තු මස මුල් සතිය තුළ නිවැරදි ක්‍රමවේදයන් ඔස්සේ රග්බි සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතා ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල් දලායි මහතා වෙත ප්‍රතිඥා දී ඇත.

ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සඳහා පත්කළ ස්ථාවරකරණ කමිටුව පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ආසියානු රග්බි සභාපතිවරයා හමු වූ අවස්ථාවේදී ක්‍රීඩා ඇමැතිවරයා විසින් එම ප්‍රතිඥාව ලබාදී ඇත.

ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පෙරේදා (19 වැනිදා) දින ඩුබායි හි පිහිටි ආසියානු රග්බි මූලස්ථානයේ දී එහි සභාපති කයිස් අල් දලායි මහතා හමුවිය. (දිවයින)

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version