පොලිසිය පවසන පරිදි වැලිකන්ද කන්දකාඩු ප්‍රදේශයේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 600ක් පමණ පළා ගොස් ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, කන්දකාඩු මධ්‍යස්ථානයේ දී එක් පුද්ගලයෙකු මියයාමත් සමඟ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ අවස්ථාවේදී ගැටුමක් හටගත් බවයි.

ඊයේ රාත්‍රියේ ඇති වූ ගැටුමෙන් වරදකරුවන් 600 දෙනෙකු පලා ගිය බව ඔහු තහවුරු කළේය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව මහතා සඳහන් කළේ, තත්ත්වය පාලනය කිරීමට සහ පලාගිය වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට යුද හමුදාව සහ පොලිසිය පිටත් කර යවා ඇති බවයි.

Share.
Leave A Reply

Exit mobile version