6 වැනි වරටත් කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක ශූරතාවය දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඊයේ දිනයේ සමත් වුණා. ඒ 2023 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී සත්කාරක දකුණු අප්‍රිකාව පරදා ලකුණු 19 ක ජයක් වාර්තා කරමින්.

පළමුව තරගයේ කාසියේ වාසිය දිනා පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 6 ක් දැවී ලකුණු 156 ක් ලබා ගත් අතර Beth Mooney නොදැවී ලකුණු 74 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේ දී Shabnim Ismail හා Marizanne Kapp කඩුලු 2 බැගින් බිද හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණයි.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version