ශ්‍රී ලංකා හැඳුනුම්පත් අංකය (SLIN) ඇතුළත් කර උප්පැන්න සහතික නිකුත් කිරීම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අද හඳුන්වා දෙන ලදී.

2021 දෙසැම්බර් මාසයේදී ගනු ලැබූ කැබිනට් තීරණයකට අනුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම මුලපිරීම සිදු කෙරේ.

එහි නියමු ව්‍යාපෘතිය ගම්පහ, දෙහිවල, හඟුරකැත, කුරුණෑගල, රත්නපුර සහ තමන්කඩුව ලේකම් කාර්යාල බල ප්‍රදේශවල දියත් කිරීමට නියමිතය.

නව උප්පැන්න සහතික ලබා ගන්නා අයට වයස අවුරුදු 15 දී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට SLIN අංකය ලබා දීමෙන් තම ජාතික හැඳුනුම්පත ලබා ගත හැක.

Share.
Leave A Reply

Exit mobile version