ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මාසයේ මෙරට උද්ධමනය පසුගිය ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව අඩුවී තිබෙනවා.

ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් මාසයේ 70.6% ක් වූ මෙරට උද්ධමනය නොවැම්බර් මාසයේ 65% ක් දක්වා පහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම ඔක්තෝම්බර් මාසයේ 80.9% ක් ලෙස වාර්තා වු මෙරට ආහාර උද්ධමනය නොවැම්බර් මාසයේදී 69.8%ක් දක්වා පහළගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

අදාළ වාර්තාව පහතින්,

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

Share.
Leave A Reply

Exit mobile version