ඉරාකයේ විරෝධතාකරුවන් පිරිසක් එරට ජනාධිපති මන්දිරයේ ආරක්ෂක දොරගුළු බිඳ දමමින් එයට ඇතුළු වී, එහි ඇති සුවිසල් නාන තටාකයේ පිහිනමින් ප්‍රීති වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විරෝධතාකරුවන් මෙලෙස මන්දිරයට කඩා වැදීමෙන් පසු බැග්ඩෑඩ් නගරයට ඇඳිරි නීතිය පැනවීමටද ඉරාක අගමැතිවරයා නියෝග කර ඇති බව වාර්තා වනවා.

තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව ඉරාකයේ ෂියා පූජක මුක්ටාඩා අල්-සදාර් පූජකවරයා ප්‍රකාශ කිරීමෙන් පසුවයි මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වී තිබෙන්නේ.

Share.
Leave A Reply

Exit mobile version