යළිත් වරක් ඉන්ධන මිල රුපියල් 50ත් 100ත් අතර සංඛ්‍යාවකින් අඩු කෙරෙනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග පවසා සිටිනවා.

අද (1) මධ්‍යම රාත්‍රියේ සිට බොහෝ දුරට එම අඩු කිරීම ක්‍රියාත්මක වනු ඇත.

ගෝලීය තෙල් මිල පහත යෑමට අනුකූලව මෙරට තෙල් මිල මෙලෙස අඩු කිරීමට තීරණය කර ඇති බව සංස්ථාවේ ප්‍රකාශකයෙක් මාධ්‍යට පැවසීය.

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඉන්ධන මිල රුපියල් දහයත් විස්සක් අතර සංඛ්‍යාවකින් අඩු කිරීමට පියවර ගත්තේය.

Share.
Leave A Reply

Exit mobile version