ඉදිරි පැය 48 තුළ නව ජාතික ඉන්ධන බලපත්‍ර නිකුත් නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ ප්‍රකාශ කළේය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය නඩත්තු කිරීම හේතුවෙන් ජාතික ඉන්ධන බලපත්‍රය නිකුත් කිරීම පැය 48ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවන බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඉන්ධන බලපත්‍ර ලබාගෙන ඇති පාරිභෝගිකයන්ගේ ඉන්ධන සැපයීමට මෙම නඩත්තු කටයුතු බලපාන්නේ නැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Share.
Leave A Reply

Exit mobile version