ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඉන්දීය ආරම්භක පිතිකරු කේ එල් රාහුල් ඉවත් කිරීමට ඉඩ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එසේම බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයේ දී ආබාධයකට ලක් වූ නායක රෝහිත් ෂර්මාට ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලිය ද අහිමි වීමට වැඩි ඉඩක් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව විස්සයි විස්ස තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය හර්ඩික් පාන්ඩ්යාට හිමිවනු ඇති බවයි සඳහන් වන්නේ.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස තරගාවලිය ජනවාරි 3 වැනිදා මුම්බායි හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Buzzer.lk සහ Buzzer Sports සමඟ සම්බන්ධ වීමෙන් තවත් ක්‍රීඩා පුවත් සහ තොරතුරු දැන ගන්න.

Share.
Leave A Reply

Exit mobile version