ඉන්දියාවෙන් පළමු මන්කි පොක්ස් ආසාදිත මරණය වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනු ලැබීය.

මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි වියෙහි පසු වූ කේරළ ප්‍රාන්තයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ පදිංචිව සිටි අයෙක් බවයි සඳහන් වන්නේ.

ඉකුත් 22 වනදා ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඉන්දියාවට පැමිණ ඇති අතර අනතුරුව උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 27 වනදා ඔහු රෝහල්ගතව ඇත.

එහිදී සිදුකළ පරීක්‍ෂණවලදී ඔහු වඳුරු පැපොල ආසාදිතයෙකු බවට හෙළිවී ඇති අතර අදාළ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස කේරළයේ සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share.
Leave A Reply

Exit mobile version