ඇමරිකානු රජයේ ඉහළ රාජතාන්ත්‍රික නිලධාරීවරයෙකු ඇතුළු 20 දෙනෙකු යුතු පිරිසක් ඊයේ (14) දින රාත්‍රී 07.00 ට පමණ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම පැමිණීම වෙනුවෙන් දින 03 ක පමණ කාළයක සිට කටුනායක ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ප්‍රදේශය තුළ ආරක්ෂාව තර කර තිබූ අතර ඊයේ (14) දින පස්වරුවේ සිට මෙම ආරක්ෂාව දැඩි කර තිබුණි.

මෙම රාජතාන්ත්‍රිකයන් රැගත් ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් Boeing C – 17 A Globemaster – III වර්ගයේ ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට ඔවුන් භාවිතා කර තිබූ අතර මෙම ගුවන් යානා ග්‍රීසියේ සිට පිටත්ව පැමිණ තිබේ. (ලංකාදීප)

Share.
Leave A Reply

Exit mobile version