වර්තමාන ආර්ථික අහගිඟකම් සහ දුෂ්කරතාවන් ජයගැනීම සඳහා හැකි සියලුම පාර්ශ්වකරුවන්ගෙන් සාමූහික උත්සාහයක් අවශ්‍ය බව මහ බැංකුව අවධාරණය කර තිබෙනවා.

ජාතිය ඉක්මනින් යථා තත්ත්වයට පත්වීමට සහ මෙම අර්බුදයෙන් ශක්තිමත්ව නැගීසිටීම සඳහා හෘද සාක්ෂියට එකඟව වගකීමෙන් යුතුව කටයුතු කිරීමත්, මෙම අවශ්‍ය මොහොතේදී නොපිරිහෙලා සහාය දැක්වීමත් සැමගේ යුතුකමක් බවයි මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

විදේශ විනිමය ගනුදෙනු සම්බන්ධයෙන් වන සියලුම රෙගුලාසි දැඩි ලෙස පිළිපැදීම සහතික කරන ලෙස බැංකු ප්‍රජාවගෙන් මහ බැංකුව ඉල්ලා සිටිනවා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

Share.
Leave A Reply

Exit mobile version