ආනයන සීමා හේතුවෙන් මේ වනවිට රූපලාවන්‍යාගාර සියයට 90ක් පමණ වසාදැමෙන තත්ත්වයකට පත්වී තිබෙන බව රූපලාවන්‍ය ශිල්පීන් පවසනවා.

ඒ අනුව මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජැකී අපෝන්සු සඳහන් කළේ, මේ හේතුවෙන් සිය සේවකයන් 80% ක් පමණ ඉවත් කිරීමට සිදුවන බවයි.

මාස හයකට වරක් උපකරණ අලුත් කළ යුතු බවත් මෙම නිෂ්පාදන ගෙන්වා ගැනීම සඳහා මේ මාසය අවසන් වන විට හෝ මෙම සීමා ඉවත් කළ යුතු බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

Share.
Leave A Reply

Exit mobile version