2022 අගෝස්තු මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් 10.24% කින් ඇමරිකානු ඩොලර් මිලියන 1,213.7 දක්වා වැඩි වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා.
ඒ අනුව ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ඉපැයීම් ඉහළ යාම මෙයට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
2022 ජනවාරි-අගෝස්තු කාලසීමාව සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 1,310.05 ක් වූ අතර එය 2021 අනුරූප කාල සීමාවට වඩා 5.58% කින් වැඩිවී ඇති බවද සඳහන්.