ශ්‍රී ලංකාව සමග හෙට(7) පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන අවසාන ඔස්ට්‍රේලියානු කණ්ඩායම තෝරා තිබෙනවා.

නිත්‍ය ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනෙක් සහ ප්‍රධාන දග පන්දු යවන්නා ලෙස ඇෂ්ටන් ඒගාර් කණ්ඩායමට නම් කර තිබෙනවා.

අත්දැකීම් බහුල ප්‍රබල ක්‍රීඩකයින් වන ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල් හා ස්ටීව් ස්මිත් මෙන්ම මිචෙල් ස්ටක් හා ජොෂ් හේසල්වුඩ් යන ක්‍රීඩකයින් නැවත ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කැදවා තිබෙනවා.

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරග 3කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග 2 හෙට හා අනිද්දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

අදාළ සංචිතය පහතින්,

Share.
Leave A Reply

Exit mobile version