ශ්‍රී ලාංකිකයින් ලක්ෂයකට පමණ රැකියා අවස්ථා ලබාදීමට මැලේසියානු රජය එකගතාව පළ කර තිබෙනවා. එම එකගතාව පළ කර ඇත්තේ මැලේසියාවේ නිල සංචාරයක නිරත විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර සහ එරට ස්වදේශ කටයුතු අමාත්‍ය සෆුදින් බින් ස්මයිල් අතර පැවැති සාකච්ඡාවකදීයි.

ඒ අනුව නේපාලයට පමණක් දැනට ලබාදෙන ආරක්ෂණ සේවා සඳහා ශ්‍රී ලංකාවට ද අවස්ථාවක් ලබාදීමටයි මැලේසියානු බලධාරීන් එකගතාව පළ කර ඇත්තේ. එම සාකච්ඡාවට මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුමංගල ඩයස් ද එක්ව තිබෙනවා. (නෙත් නිව්ස්)

Share.
Leave A Reply

Exit mobile version